ජෝන් කීල්ස්`Skill into Progress’



ජෝන් කීල්ස් සමූහයේ සමාජ සත්කාරක අංශය වන ජෝන් කීල්ස් පදනම “Skill into Progess” (SKIP) (නිපුණතා තුළින් ප්‍රගතිය) වැඩසටහන ආරම්භ කරන ලදී.

මෙය ජෝන් කීල්ස් සමූහයේ හඳුනාගත් සැපයුම්කාර කණ්ඩායම්වල සේවා තත්ත්වය සහ ප්‍රමිතිය උසස් කිරීම සඳහා ඔවුන්ගේ නිපුණතා ඉහළ නැංවීම සහ ඒ මගින් පශ්චාත්-වසංගත වතාවරණයක් තුළ ආදායම් අවස්ථා ඉහළ දැමීම සඳහා සහය වන නවතම වැඩසටහනකි.  

වෝකස් ටුවර්ස් (Walkers Tours) සහ විටෝල් බෞස්ටඩ් ට්‍රැවල් (Whittal Boustead Travel) හි මාර්ගෝපදේශක රියදුරන්  සහ සිනමන් නේචර් ට්‍රේල්ස් විසින් සම්බන්ධ කළ සෆාරි ජිප් රියදුරන්ගේ ඉංග්‍රීසි භාෂා සන්නිවේදන හැකියාව වැඩිදියුණු කිරීමට වැඩසටහනක් හඳුන්වාදෙමින් මෙහි (SKIP) ආරම්භක සැසිය කොළඹ 02, ජෝන් කීල්ස් ප්‍රධාන කාර්යාලයේදී 2020 ජූලි 6 දින පවත්වන ලදී. පෙර තක්සේරු කළ අපේක්ෂකයින් 40 ක් (කොළඹ සහ යාල ප්‍රදේශ වලින් 50% බැගින්) ඉලක්ක කළ මෙම වැඩසටහනට, ජෝන් කීල්ස් පදනමේ දීර්ඝ කාලින වැඩසටහනක් වන, ජෝන් කීල්ස් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ අරමුදල් ලබාදෙන ලද අතර, ගේට්වේ භාෂා මධ්‍යස්ථානයේ තාක්ෂණික හවුල්කාරත්වයත්, වෝකස්   ටුවර්ස් (Walkers Tours) සහ විටෝල් බෞස්ටඩ් ට්‍රැවල් (Whittal Boustead Travel)   හි සහයෝගිත්වයත් ලැබෙනු ඇත .  

සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජෝන් කීල්ස් පදනමේ මෙහෙයුම් ප්‍රධානී කාමලින් ජයසූරිය මෙනවිය මෙසේ පැවසුවාය. “ගෝලීය වසංගතයක් හේතුවෙන් ජීවනෝපායන් විශාල වශයෙන් අභියෝගයට ලක්ව ඇති මෙවන් අවස්ථාවක අපගේ ව්‍යාපාර හා සම්බන්ධ සැපයුම් කණ්ඩායම් බලගැන්වීම සඳහා සඳහා මෙම වැඩසටහන හඳුන්වා දීම පිළිබඳ ජෝන් කීල්ස් පදනම වශයෙන් අපි සතුටට පත්වෙමු.  මාර්ගෝපදේශක රියදුරන් සහ ජිප් රියදුරන් වෙනුවෙන් කෙරෙන මෙම ආදර්ශ වැඩසටහන වෝකස් ටුවර්ස් (Walkers Tours), විටෝල් බෞස්ටඩ් ට්‍රැවල් (Whittal Boustead Travel) සහ සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් (Cinnamon Hotels and Resorts) සමග හවුල්කාරීත්වයෙන් කරන්නට ලැබීම සම්බන්ධයෙන් ද අපි සතුටු වෙමු. ‘බලගන්වමු දේශය හෙට දිනට' යන දැක්ම යටතේ ජෝන් කීල්ස් පදනම පසුගිය වසර පහළොව තුළ විවිධ ඉලක්ක කණ්ඩායම් බලගන්වමින් සිටී. අපගේ සැපයුම්කරුවන් වන ඔබගේ සේවා ගුණාත්මකභාවය සහ වෙළෙඳපොල ඉල්ලුමට ධනාත්මක ලෙස බලපාන අයුරින් ඔබේ ඉංග්‍රීසි සන්නිවේදන හැකියාවන් වැඩි දියුණු කිරීමට මෙම වැඩසටහන උපකාරී වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. කෙටි කාලයක් තුළ මෙම වැඩසටහන සැකසීමට ගේට්වේ භාෂා මධ්‍යස්ථානය දැක්වූ දායකත්වය  සහ මෙම පාඨමාලාව සම්පූර්ණ කිරීම සඳහා සහභාගිවන්නන්ට සහාය වන, ජෝන් කීල්ස් සංචාරක ක්ෂේත්‍රයේ ස්වේච්ඡා සේවකයන් විසින් ලබා දෙන සහයෝගය අගය කරමී.”

රැස්වීම අමතමින් ජෝන් කීල්ස් සමූහයේ ගමනාන්ත කළමනාකරණ අංශයේ ප්‍රධාන විධායක නිලධාරී නාලක අමරතුංග මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කරන විට ඊට හොඳින් සූදානම්ව සිටීම ඉතා වැදගත් වන අතර මෙම අක්‍රීය කාලය අපගේ මාර්ගෝපදේශක රියදුරන් සහ ජීප් රියදුරන්ගේ කුසලතා මුවහත් කර ගැනීමට අපට ලැබී ඇති අවස්ථාවක් ලෙස සැළකිය යුතු ය. ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහයේ වගකිවයුතු ආයතනයක් ලෙස වෝකස් ටුවර්ස් (Walkers Tours) සහ විටෝල් බවුස්ටඩ් ට්‍රැවල් (Whittal Boustead Travel) ​​රටේ ප්‍රතිරූපය නංවාලීම සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දීමටත්, සියලු පාර්ශවකරුවන්ගේ සහාය ඇතිව සංචාරක කර්මාන්තය නැවත ගොඩනැංවීමටත්, ජෝන් කීල්ස් පදනම සමඟ එක්ව මෙම පියවර සාර්ථක කර ගැනීමටත් අපි උනන්දු වෙමු.”

තාක්ෂණික හවුල්කරු වෙනුවෙන් අදහස් දක්වමින් ගේට්වේ භාෂා මධ්‍යස්ථානයේ කළමනාකාර වත්සලා දිසානායක  මෙනවිය මෙසේ පැවසුවාය. “ගේට්වේ පසුගිය වසර පහළොව පුරා ජෝන් කීල්ස් පදනම සමඟ කටයුතු කරමින් සිටී. මෙම නව වැඩසටහන ඉදිරියට ගෙනයාම පිළිබඳව අපි ඉතා සතුටට පත්වන අතර මෙම අවස්ථාව ලබා දීම වෙනුවෙන් ජෝන් කීල්ස් පදනමට ස්තූතිය පළ කිරීමට කැමැත්තෙමි.”

සමාරම්භක උත්සවයට කොළඹින් තෝරාගත් රියදුරු මාර්ගෝපදේශකයින් 21 දෙනෙකු සහභාගී වූ අතර, මෙම අභියෝගාත්මක කාලයේදී මෙවැනි අවස්ථාවක් ලබා දීම පිළිබඳව සිය සතුට පළ කළහ. මෙම වැඩසටහන පැය 36 ක, කර්මාන්තයට අදාළ ඉංග්‍රීසි සන්නිවේදන කුසලතා පුහුණුව ඇතුළත් වේ. ගේට්වේ භාෂා මධ්‍යස්ථානය විසින් කරන ලද පූර්ව තක්සේරුවක් මත අපේක්‍ෂකයින් තෝරාගෙන ඇති අතර පුහුණුව සාර්ථකව නිමා කරන අපේක්‍ෂකයින් හට සහතිකයක් ලැබෙනු ඇත. කොළඹින් මෙම වැඩසටහනට සහභාගී වන ඩබ්.ජී.සී. ප්‍රියාල් මහතා දැක්වූයේ මෙවැනි අදහසකි. "මෙම වැඩසටහන සංවිධානය කිරීම වෙනුවෙන් ජෝන් කීල්ස් පදනමටත් වෝකස් ටුවර්ස් (Walkers Tours) සහ විටෝල් බෞස්ටඩ් ට්‍රැවල් (Whittal Boustead Travel) ආයතනයටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. අපි මෙහි පන්තිකාමර සැසි කිහිපයකට සහභාගී වූ අතර ඒවා ඉතා ප්‍රයෝජනවත් බව වැටහුණි. පාඨමාලාව අවසානයේ අපගේ කුසලතා තවත් මුවහත් කරගැනීමට හැකි වෙතැයි අපි සිතමු.” 

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී (JKH) යනු ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහය වන අතර මෙය කර්මාන්ත ක්ෂේත්‍ර 7 ක් තුළ  සමාගම් 70 කට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වේ. ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු වන අතර, එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගී සාමාජිකයෙකි. “බලගන්වමු දේශය හෙට දිනට” යන දැක්ම ඔස්සේ ක්‍රියාත්මක වන ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ සත්කාරක අංශය වන ජෝන් කීල්ස් පදනම අධ්‍යාපනය, සෞඛ්‍ය, පරිසරය, ජීවනෝපාය සංවර්ධනය, කලාව හා සංස්කෘතිය සහ ආපදා සහන යන ක්ෂේත්‍ර හය යටතේ සිය සමාජ බලගැන්වීමේ කටයුතු කරගෙන යයි.


RECOMMEND POSTS